Friday, July 26, 2013

අපි හලාල් වර්ජනය කලයුත්තේ ඇයි?

නිරන්තරයෙන් අසන්නට ලැබෙන දෙයක් මත හෝ කට කථාවක් මත හෝ දර්ම ග්රමන්ථයක සදහන් වන කරුණක් මත හෝ අනුමානයක් මත හෝ සිද්ධාන්තයක් මත හෝ ආකර්ෂනීය තර්කයක් මත හෝ කිසියම් මතයක් කෙරෙහි ඇතිවන පක්ෂපාති භාවය මත හෝ කිසියම් අයෙකුතුළ ඇතයි පෙනෙන හැකියාවක් කෙරෙහි ඇතිවන විශ්වාසය මත හෝ සානුකම්පිතභාවය මත හෝ පිහිටා කටයුතු නොකළ යුතුය. එසේම භික්ෂුව යනු අපගේ ගුරුවරයාය යන සැලකීම මත පිහිටාද කටයුතු නොකළ යුතුයගිකාලාමයිනි මේ මේ දෙවල් නරකය. මේ මේ දේවල් දෝශදර්ශනයට ලක්විය හැකිය. ප්ර ඥවන්තයන් විසින් මේ මේ දේවල් වාරණය කරනු ලැබ තිබේය. මේ මේ දේවල් පිළිගෙන ක්රිියාත්මක කළවිට විනාශය සහ අයහපත සිදුවේය. ඔබටම අවබෝධ වූ විට ඒවා අතහැර දමන්න.” -කාලාම සූත්රිය- ස්වාධීන විමර්ශනය පිළිබද බුදුන්ගේ ප්රඔඥප්තිය

හැදින්වීම

ආගමේ නාමයෙන් කෙරෙන හිංසන නූතන ලොකයේ දේශපාලනයෙහි ප්රළධානතම ආදර්ශනය බවට පත්ව තිබේ. ශ්රීි ලංකාව තුළ අද එය ජාතික මට්ටම දක්වාම වර්ධනය වී ඇත. වෙනත් ආගම්හි භාවිතයන් පිළිබදව විශේෂයෙන් හලාල් සංකල්පය පිලිබදව බහුතර ජනතාව තුල වැරැදි සහගත ආකල්පයක් අවධාරණය කරනු ලැබ තිබේ. හලාල් පිළිබදව බහුතරය තුළ අනියම් බියක් සංකාවක් ඇතිකරවීම සදහා වාචික මෙන්ම දේශපාලනික මාර්ග මගින්ද විවිද ක්රිියාමාර්ග ගනු ලැබෙමින් ඇත.
මෙම ලිපියෙහි පරමාර්ථය වනුයේ හලාල් සංකල්පය පිළිබදවත් එය ජාත්ය න්තර වශයෙන් ක්රිායාත්මකවන අන්දම පිළිබදවත් මූලික අවබෝධයක් මෙරට බහුතර ජනතාවට ලබාදීමට උත්සාහයක් ගැණීමය. මෙරට බහුතර ජනතාවට මෙතෙක් ඉදිරිපත්කර ඇත්තේද දැනට ඉදිරපත් කරන්නේද හලාල් පිළිබද සත්යම කරණු නොව බොහෝවිට අමුතුවෙන් ගොතනලද අමුතුම චිත්රඉයකි.
හලාල් සංකල්පය පිළිබද නිවැරැදි කරුනු අවබෝධකරගත් විට ඒ පිළිබද වැරදි සහගත සැකමුසු ආකල්ප තුරන්වී සිංහලයින් සහ මුස්ලිම් ජනයා අතර අවුරුදු දහසකට වැඩි කාලයක් නොබිදී පැවති සාමකාමී සම්බන්ධතාවය තව දුරටත් වර්ධනය වනු බව මගේ විශ්වාසයයි.

හලාල් යනු කුමක්ද?

මීට අවුරුදු විස්සකට ඉහත මගේ ප්රඅථම උපාධිය සදහා මා මොරටුව විශ්වවිද්යා ලයෙහි ඉගනීම ලබමින් සිටියදී මගේ කණ්ඩායම් සගයෙකුගෙන් මම එම ප්රශ්ණය ඇසුවෙමි. එම ප්රශ්ණය අද බහුතර ශ්රී ලාංකික ජනතාව තුළ මතභේදයට ලක්ව තිබේ.
Oxfordvශබ්දකෝෂය Halal යන්න විග්රඇහකරන්නේ ඉස්ලාමිය නීතිය අනුව ආගමිකව පිළිගත හැකි (religiously acceptable according to Islamic law)යනුවෙනි. ආගම යටතේ අවසර ලැබෙන හා නිත්යාළනුකූලවන ඔනෑම දෙයකට හලාල් අදාලය. එම සංකල්පයට අයත් පිරිසුදුකම අවංකභාවය සහ ස්වයං සංවරය හික්මීම ආදී යහපත් ලක්ෂණයන්ට අනුව මුස්ලිම් ජාතිකයන් තම ජීවිත ගතකරනු ඇතැයි එමගින් අපෙක්ෂා කරනු ලබයි. හලාල් යන්නෙහි විරුද්ධාර්ථ පදය වන්නේ හරාම් ය. හලාල් යන යෙදුම වැඩි වශයෙන් පාවිච්චිවන්නේ ඉස්ලාමීය නීතියට අනුව අවසර දියහැකි ආහාර වර්ග හදුන්වා දීමටය. එසේ වුවද ඇත්ත වශයෙන්ම ඉස්ලාමිය නීතියට අනුකූලව හැසිරීම කථාව ඇදුම් පැළදුම් සිරිත්විරිත් ආහාර ගැනීමේ ක්රවමය ආදියද එම යෙදුමට අයත්ය. ජීවිතයේ හැම අංගයක්ම ඉස්ලාමිය නීතිය හසුරුවනු ලබයි. එහෙයින් ඉස්ලාමිය ආගමිකයින්ගේ ජීවිතයට අදාල සෑම දෙයකම සෑම ක්රි්යාවක්ම හලාල් හරාම් දෙවර්ගයට අයත්වේග හරාම් පිළිපදීමෙන් ස්වර්ගයටද හරාම් අනුගමනයෙන් අපායටද මග පාදන නිසාය.

හලාල් ආහාර වර්ග

අහාර ගැනීම සම්බන්ධයෙන් ඉස්ලාමිය උපදෙස්වලට අනුකූල වන ආහාර පාන සැමකක්ම හලාල් ආහාර වර්ගවේග අවසර ඇති ආහාර වර්ග මොනවාද? ඒවා පිළියල කරගත යුත්තේ කෙසේද? යන කරුණු එහිදී විශේෂයෙන් වැදගත්ය. ඉස්ලාමිකයින්ට හලාල් ආහාර පමණක්ම ඕනෑ කරන්නේ කුමක් නිසාද? මෙයට ඇති තාර්කනික පිළිතුර නම් සිරැරේ ඉතිරිවන අපවිත්ර දේ මනුෂ්යකයන්ට හානිදායක විය හැකිය යන්නයි. වැඩි වශයෙන් හලාල් අදාලවන ආහාරවන්නේ මස් මාංශයග මාංශයක් හලාල් වනුයේ අවසර දී ඇති සතුන් පමණක් නියම කර ඇති පිළිවලට සතුන්ගෙන් මස් ලබාගත්විටය. හලාල් ක්රයමයට සතුන් මැරීම (Halal slaughtering) මගින් වැදගත්කර දක්වනු ලබන්නේ සනීපාරක්ෂාව, සෞඛ් සුරක්ෂිතභාවය සහ මානුෂීය කාරුණික ලෙස කටයුතු කිරීමය.
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහ ජාතිය්යයන්තර මානුෂීය සමාජය ( Humane Society International) මගින් කරන ලද අධ්යමයනයකින් නිගමනය කර ඇත්තේ හලාල් ක්රමමයට සත්වයින් මැරීම මගින් සනීපාරක්ෂාව සහ පාරිසරික සෞඛ්යනය ගැටලු අවම වන බව සහ ජනතාවට තම කැමත්ත පරිදි තෝරාගැනීමට හැකිවන පරිදි හලාල් මාංශ අලෙවියට තබනවිට හලාල් ලේබලය යටතේ තැබිය යුතු බවත්යග

හලාල් සහතිකය

හලාල් යනු මාංශ ආහාරවර්ගවලට පමණක් සීමාවූවක් නොවේ. සියළුම ආහාර වර්ග් විශේෂයෙන් සැකසුම් කරන ලද ආහාර (Processed Food) ඖෂද වර්ග සුවද විලවුන් වැනි ආහාර නොවන ද්රැව්යමද හලාල් බවට ඉස්ලාමිකයන් වග බලාගත යුතුබව අවධාරණය කෙරෙයි. බොහෝවිට මෙම භාණ්ඩයන්හි සත්ව අතුරු නිෂ්පාදන සහ මුස්ලිම්වරුනට අනුබවයට හෝ ශරීරයෙහි භාවිතයට අවසර නොමැති ද්රාව්යත අඩංගුවන හෙයිනි.
හලාල් සහතික කරණය මගින් ඉස්ලාමිකයන්ට කියාපාන්නේ භාන්ඩයේ අංග උපාංග සහ නිෂ්පාදන ක්රියාවලියද සහතිකනරණ මංඩලයක් ( Certification Board ජාත්යදන්තර හෝ දේශීය වශයෙන් පිළිගත්) මගින් පරීක්ෂණය කර එය හලාල් බවට නිර්දෙශය කරන බවය. ඒ සදහා විශේෂ වෙළද ලාංජනයක් හෝ සංකේතයක් යොදා ගැනේ. එම භාණඩ මැද පෙරදිග හා අග්නිදිග ආසියානු රටවල් බොහොමයකට අපනය කිරීමට වෙළද සමාගම්වලට එමගින් අවසර ලැබෙයි.
හලාල් සහතික කරණය හදුන්වා දීමෙන් පසු බොහෝ ප්ර්ධන පෙළේ නිෂපාදක ආයතන (විශෙෂයෙන් පිළියෙළ කරන ලද ආහාර ඖෂද සහ බෙහෙත් ද්රොව්ය‍ය නිෂ්පාදකයින්) මෙන්ම හොටල් ආපන ශාලා ගුවන් සමාගම් අරෝග්යදශාලා සහ වෙනත් සේවා සැපයුම්කරුවන්ද හලාල් වෙළදපොළ ප්රෙ යාජනයට ගනියි. මෙමආයතන මගින් හලාල් භාණ්ඩ මිළට ගනුලබයි.

ජාත්යතන්තර පර්යාලෝකය

හලාල් ආහාර අධිකාරිය (Halal Food Authority HFA) එක්සත් රාජධානියෙහි ක්රි යාත්මක වන විශාලතම හලාල් ආහාර ද්රාවය පාලක ආයතනයන්ගෙන් එකකි. එය හලාල් සත්ව ඝාතන ක්රරම පිළිබද විමසිල්ලෙන් ක්රිායා කරයි. Kelloggs ධාන්ය නිෂ්පාදනයන්හි සිට KFC දක්වාද ASDA සිට British Airways දක්වාද ආහාර ද්රයව්යණයන්හි හලාල් අනුමතිය දක්වන HFA ලාංජනය දක්නට ලැබෙයි ඇමරිකා එකසත් ජනපදයේ පැරණිතම සහ විශාලතම හලාල් සහතික කරණ ආයතනය වනුයේ (Islamic services of America)  ඇමරිකා ඉස්ලාම් සෙවා ආයතනයයිග 2011 වර්ෂයේදී කැලිපෝනියාවේ (Halal products Certification Institute) හලාල් භාණ්ඩ සහතික කරණ ආයතනය පිහිටුවන ලද අතර එය රූපලාවන්යද ද්රකව්යක්‍ පෞද්ගලික සෞක්යාරෂක ද්රව්යක සහ සුවද විලවුන් ද්රයවයයන් සදහා අනුමතිය දෙන ලෝක ව්යාිප්ත මුල්ම හලාල් ආයතනය විය. ඉස්ලාමීය විද්වතුන් සහ මුස්ලිම් විද්යු×යන් විසින් එම ආයතනය පිහිටවන ලද්දේ හලාල් පාරිභෝගික ද්රව්ය ව්යායප්ත කිරීම අරමුණු කරගෙනය. පසුගිය විසි අවුරැදු කාලය තුළ යුරෝපයේද හලාල් සහතික නිකුත් කිරීම සදහා ආයතන ගණනාවක්ම පිහිටුවාගෙන ඇත. ප්රංශයේ මුස්ලිම් පාරිභෝගිකයන්ගේ සංගමය  (ASIDCOM) මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇති අන්දමට පසුගිය දසක දෙක තුළ යුරෝපයේ හලාල් භන්ඩ අලෙවිය විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. දකුණු අප්රිවකාවේ බොහෝ කුකුළු නිෂ්පාදන හලාල් මුද්රා ව දරයි. එරට හලාල් සහතිකය නිකුත් කරනු ලබන්නේ ර්‍දකුණු අප්රිවකානු ජාතික හලාල් අධිකාරිය (South African national Halal Authority -SANHA) මගිනි. පානීය ජලය සිසිල් බීම මෙන්ම මාංශ නොයදන වෙනත් ආහාර වර්ගද එහි අනුමතියට යටත්වෙයි. මත් පැන් හෝ ඌරු මස් මිශ්ර ආහාර වර්ගන ඉදිරිපත් නොකරන ආපන ශාලා සදහාද එම අධිකාරිය බල පත්රි නිකුත් කරයි. මැක්ඩෝනල් සමාගමේ නිෂ්පාදන මෙන්ම KFC, Browns Chicken, Crown Fried chicken,  වැනි හලාල් අනුමතිය ලත් මාංශ නිෂ්පාදන අළෙවිකරනු ලැබේ.
නිව්යොර්ක් නගරයේද ක්ශණික ආහාර විකුණන කරත්ත විශාල සංඛ්යාලවක් මගින් අළෙවිකරනු ලබන්නේ හලාල් ආහාර ද්රයව්ය පමණකි මෑතකදී ඔන්ටෑරියෝ සහ ඇල්බර්ටා (Ontario and Alberta) නගරයන්හි ඇති  Mary brown සමාගමේ වෙලද සැල් දොලහක්ම සම්පූර්නයෙන් හලාල් වෙළද සැල් බවට පත්කර තිබේ.
කැපී පෙනෙණ මුස්ලිම් ජනගහනයක් ඇති තායිලන්තයේ හා පිලිපීනයේද හලාල් මාංශ ආහාර අළෙවිකරන වෙළද සැල් රට පුරා විවුතෘවී ඇතග විශාල සුළුජන මුස්ලිම්ගහනයක් ඇතිප චීන සමූහාණ්ඩුව තුළ හලාල් ආහාර ද්රදව්යා හදුන්වනු ලබන්නේ කින්ෂේන් (Qingzhen) යනුවෙනිිනියම සත්යරයල පිරිසිදු සත්ය Pure Truth   එය යනුයි.

අයකිරීම් සාධාරනද?

ලෝකය පුරා පිහිටා ඇති හලාල් සහතික කරන ආයතන සියල්ලක්ම සංස්ථාගතවී ඇත්තේ ලාබ නොලබන ආයතන වශයෙන් වන අතර ඒවා අයත්වන්නේ සේවා අංශයටය. එසේම හලාල් සහතික කරණය ඉතා දීර්ඝ මෙන්ම ඉතා සුපරීක්ෂාකාරි ක්රිසයාවලියකි. විශේෂඥ දැනුම උපකරණ සහ මිනිස් බලය සදහා විශාල මුදල් ආයෝජනයක් ඊට අවශ්යායගඑම නිසා හලාල් සහතික නිකුත්කරන ආයතනයන්ට එහි වියදම් පියවා ගැනිම සදහා ගාස්තුවක් අය කිරීමට අනිවාර්ය යෙන්ම සිදුවේ. වෙනත් ඕනෑම සහතික කරණ ක්රිායාවලියකදී මෙන්ම හලාල් සහතිකකරණයේදීද කලමණාකරණ පිරිවැයක් දැරීමට අනිවාර්යයෙන්ම සිදුවෙයි.
උදාහරනයක් වශයෙන් කිසියම් සමාගමකට ප්රහමිති සහතිකයක් නිකුත්කරන විටදී සැලසුම් සංවිධානය (logistics) සන්නිවේදන කටයුතු මානව සම්පත් වෘතීය සේවා සහ උපදේශන ගාස්තු ආදී වශයෙන් සිදුවන වියදම් පියවා ගැනීම සදහා මුදල් අය කෙරෙයි. ඊට අමතරව තාක්ෂණික පරීක්ෂණ හා පර්යේෂන සදහා වන විශාල වියදමක්ද හලාල් සහතික කරන ආයතනයන්ට දැරීමට සිදුවෙයි. එම කාර්යය සදහාම කැපවූ අහාර විද්යශ විශෙෂඥයන් පරිපාලන නිලධාරීන් හලාල් විගණන නිලධාරින් මෙන්ම හලාල් සහතිකය ලද නිෂ්පාදනාගාර තුළ විශාල නිරීක්ෂණ කණ්ඩායමක් රදවා තැබීමටද සිදුවෙයි. මේ සියළු කටයුතු සදහා වැයවන මුදල විශාලය.

නිගමනය

ඉහත දක්වන ලද කරුණු මගින් පෙනී යන්නේ හලාල් සංකල්පයට විශාල විෂයපථයක් අයත්වන බවත් එය ලෝකය පුරාම පිළිගැනීමට ලක්ව තිබෙන බවත්යගවිශෙෂයෙන්ම මුස්ලිම් ජාතිකයන් පිළිබදව සලකා බැලීමේදී පෙනී යන්නේ හලාල් සංකල්පය යනු ඔවුන්ගේ එදනෙදා ජීව්තය තුලටම කාවැදුනු එකක් වන අතර තමන්ගේ ආගම ඇදහීමේදී අනුගමනයකළ යුතු අනිවාර්ය අංගයක් බවය. බෞද්ධයින්වන අප සියළුම ආගම්වලින් සිදුකරන සාදාරණ ඉගැන්වීම්වලට ගරුකරන ආගමික කංඩායමක් වෙමු. එහෙයින් අනෙකුත් ආගමවලට සහ ඒවාහි වත්පිලිවෙතවලට සහ පුද පූජා ක්රආමයන්ට සැලකිය යුතු අන්දම දැන සිටිය යුතුවෙමුග අනෙකුත් ජනවාර්ගිකයන්ගේ ආගමික භාවිතයන් සංස්කෘතික ලක්ෂණ සමප්රැදාය සහ සිරිත් විරිත් අප අනුකරණය නොකළද අප ඒවා දෙස බැලිය යුත්තේ උපේක්ෂා සහගත ඉවසීමෙන් යුතුවය.
වෙනත් වචනවලින කිවහොත් බෞද්ධවන අපි අනෙකුත් ජනයාගේ ආගමික පිළිවෙත්වලට ගරු කලයුතු වෙමු. යම් බෞද්ධයෙකුට එම අන්යු ආගමික පිළිවෙත් විධි අනුමත කළ නොහැකිනම් කලයුතු හොදම දෙය ඒවා විවෙචනයට නොගොස් නිහඩව සිටීමයග සාමකාමී සහජීවනය සදහා එම ඉවසීම අත්යා්වශ්යදයි. බුදු දහම විසින් උගන්වන්නේද එයමය. නියම බෞද්ධයින්නම් අපි අනෙකුත් ජනයාට අවංක විය යුතුයග හිතවත් විය යුතුයගසත්යොවාදී විය යුතුයග කරුනාවන්ත විය යුතුයග වංචා රැවටිලි සහ කෘරකම් අත්හළ යුතුය. අප අනිකුත් ජනයා සමග කටයුතුකළ යුත්තේ පුළුල් මනසකින් යුතුවය.
බුදුන්වහන්සේගේ ඉගැන්වීමට අනුව අපගේ ප්රුශ්ණ විසදාගැනීම සදහා අප පීඩාකාරි හිංසාකාරි උපක්රකම යොදාගතහොත් කිසිවිටකත් අපට එම ප්රුශ්න ව්සදාගත නොහැක. ප්රිතිවාදියා දුර්වලව සටීනම් එක්තරා කාලයකට අපට ජයග්රා හව සිටිය හැකි බව ඇත්තය. එහෙත් ප්රතිවාදියා ශක්තිමත්වී අවස්ථව ලබාගත්විට කිසිවිටකත් අපට සමාවක් නොලැබෙනු ඇත. එහෙයින් හිංසනයෙන් කටයුතු කිරීමෙන් අපට කිසිදා සදාතනික සාමය උදාකරගැනීමට නොහැකිවේගවෛරය නැතිකළ හැක්කේ වෛරයෙන් නොව ආදර කරුණාව මගින් පමණකි යැයි බුදුන්වහන්සේ කියා ඇත්තේ ඒනිසාය.
බුදුන්වහන්සේ මෙසේද කියා තිබේ, මම ලොකය සමග දබරයට නොයමි. ලෝකය මා සමග දබරයට ඒම පමනයි සිදුවන්නේ. සත්යතය දේශනාකරන ශාස්තෘවරයෙක් කිසිවිටකත් අනුන් සමග දබරයට නොයයි.
මේ අනුව බලනවිට බෞද්ධ චිංතනයේ සහ හැසිරීමේ මූලික ලක්ෂණය වන්නේ අහංසාවයි. ගැටුම් නිරාකරණය සදහා හංසනය ෙයාදා ගැනීමක් ගැන බෞද්ධ ධර්ම ග්රඅන්ථයන්හි ෙකාතනකවත් සදහන්වී නැත. තම විරුද්ධවාදියා ෙකතරම් නරක ෙලස තමන්ට සැලකුවද තමා ඔහුට දයාවම දැක්විය යුතුබව ප්රනබල උදාහරණයක් මගින් බුදුන්වහන්ෙස් ෙමසේ පැහදිල්කර තිෙබ්. ෙසාරුන් බංඩිකියතකින් නුෙඹ් අත් පා ඒකින් ඒක කපද්දී නුඹ තුළ සතුරු සිතක් පහලවන්ෙන් නම් නුඹ මාව පිළිපදින අෙයකු ෙනාෙව් - කංචුපම සූත්ර ය- මජ්ජිම නිකාය 1-28-29

-apen news-

තුංගසිරිගේ සත්‍ය


















පසුගියදා සෞදී අරාබියේ දී කසපහර 100ක් සමග සිරදඩුවමක් විදපු තුන්ගසිරිට එම දඩුවම විදීමට හේතුව ලෙස බොහෝ දෙනා පවසන්නට වුයේ ඔහු එහි බුදුන් වැන්ද වරදට මෙම දඩුවම දෙන ලද බවය නමුත් මෙය අසත්‍ය පුවතක් බව මොහු ලංකාවට පැමිණීමත් සමගම හෙලි විය මොහු දඩුවම් ලැබීමට් හේතුව වුයේ තුංගසිරි සෞදියේදී වශී ගුරුකම් ආදී ඉස්ලාම් දහමට පටහැනි ක්‍රියාවල නිරත වීම් නිසා ඉස්ලාමීය නීතීන් දැඩිව පිලි පදින සෞදි රාජ්‍ය මොහුට ඉස්ලාමීය ශරීයා නීතීන් අනුව කස පහරවල් 100ක් නියම කරන ලදී ......

මොහුව එරට පොලීසිය අත්තඩංගුවට ගන්නා විට මොහු බුදු පිලිමයක් අතේ තබාගෙන සිටීම නිසා මොහු බුදුන් වැදීම නිසා දඩුවම් ලබාදුන් බව බොහෝ දෙනා විශ්වාස කරන්නටවිය තවද ජාතිවාදීන්ගේ අසික්කිත ක්‍රියා නිසා එක දෙක කරමින් මෙම අස්ත්‍ය පුවතට විවිධ සන්නිවේදන මාද්‍යන් හරහා පුලුල් ප්‍රචාරයක් ලබාදෙන්නට විය...

මචං….. ඥානසාර!


අපිත් එක්ක එකට සිගරට් එක බොන, බියර් වීදුරුව ගහන බඩු කෑලි ගැන කතා කරන හාමුදුරුලාට අපි කියන්නෙ මචං සාදුලා කියලා. ඉතින් ඒ මචං සාදුලා අතර අද වෙනකොට ඉහළින්ම ඉන්න අය ගැන අපි දන්නවනෙ. ඒත් මචං ඥානසාර අපේ මචං සාදු කෙනෙක් වෙන්නෙ වෙන කාරණාවක් හින්දයි. ඒ තමයි මචං ඥානසාර අද ලංකාව ඉන්න ලොකුම චන්ඩියා.

නාවල නිහාල්ලා, බැද්දෙගානේ සංජීවලා බෙල්ලන්විල ඩිලන්තලාට වඩා මාර පවර් එකක් මචං ඥානසාරට තියෙනවා කියලා අපට පෙන්නෙ. ඉතින් ඒකයි මචං ඥානසාර මම මේ ලියුම මෙහෙම ලියන්නෙ.

ඉතින් මචං ඥානසාර දැන් ගේම නැගලා යනවා නේද? හතරදිබ්බාගයේම ඉන්න හම්බයෝ ටික දැන් පුල් හොල්මන් වෙලයි ඉන්නෙ. මට ඊයෙ පෙරේදා ආරංචියක් ආවා මචං ඥානසාර ලංකාවේ ඉන්න හම්බයො සේරම එකතුවෙලා නැවක් හදනවලු. ලංකාවෙන් පිටවෙලා අරාබියට යන්ඩ. ඒක හරියට අර හීබෘ බයිබලේ තියෙන නෝආගේ නැව වගේ එකක්ලු. සේරම කට්ටියයි ඒගොල්ලන්ගේ සත්තු සරපයි සේරමයි මේ නැවට පටවන්ඩලු හදන්නෙ. ඇත්තටම මචං ඥානසාර ඔබ බලසේනාවේ පවර් එක කොයිතරම් ද කියලා දැන් මේ රටේ මිනිසුන්ට තේරෙනවා ඇති නේද? ඇත්තටම අපට අර යුද්දෙන් පස්සෙට කිසිම ත්‍රිලක් නැතුවනේ හිටියෙ. ඒ හින්දා මේ දවස්වල මචං ඥානසාර තමයි අපේ වීරවික්‍රම ත්‍රාසජනක සටන් නළුවා. ගියා ඇල්ලුවා බෙල්ලෙන් දඩින් බිඩි දොඩං! මම මේ විස්තරේ අපේ තාත්තාට කිව්වා. ඔන්න කිව්වා විතරයි උන්දෑ මෙන්න පරලවෙලා මට අම්බානක නෙලන්ඩ පටන් ගත්තෙ නැතෑ.

“ප්‍රභාකරන් මේ රටේ එවුන් ඉගෙන ගත්තෙ පාඩං බාගයයි. අනිත් බාගේ ඉගෙන ගන්නෙ කවුරු හරි මුස්ලිම් මිනිහෙකුගෙන් කියලා උඹත් මතක තියාගනින්. ඔය ඥානසාරලා, විමලජෝතිලා, බෙංගමුවෙ නාලකලා, ඇල්ලෙ ගුණේලා වගේ මචං සාදුලා හින්දා මේ රට ඊළඟට වැටෙන වළෙං ගොඩ ගන්ඩ කාට පුළුවන් වෙයිද දන්නෙ නැහැ. අන්තිම දෙමළාගේ හම අරගෙන සපත්තු සෙරෙප්පු හදලා දානවා කිව්ව රාජරත්නලා හින්දා අපි අවුරුදු තිහක් හොඳට බඩකට පුරා කෑවනේ. දැන් මේ ඥානසාරලා හින්දත් ඉදිරි කාලෙදි තවත් පරම්පරා කීපෙකට මේකෙ විසදුමක් නැතිවෙන තැනටයි වැඩ සිද්ධ වෙන්නෙ. ඕන් උඹ හොඳට මතක තියා ගනින්.”

ඇත්තමයි මචං ඥානසාර මේ මිනිහට නන් හැදිලා තියෙන්නේ පුදුම ලෙඩක්. ඇයි මේ මනුස්සයා පේන්නෙ නැත්තෙ මේ රට අපේ කියලා මේ රට අයිති සිංහල අපිට විතරයි කියලා මේක ඇතුළෙ ඉන්න අනිත් ජාතිකාරයෝ සේරම ඉන්ඩ ඕනෑ අපට පහළින් කියලා. මේ තරම් සරල දෙයක් ඇයි මේ මනුස්සයාට තේරෙන්නෙ නැත්තෙ. මේක අපේ රට, සිංහල බෞද්ධ අපිට තමයි මේ රට අයිති. අනිත් ඉන්න දෙමළුයි හම්බයොයි ඉන්නවා නම් ඉන්ඩ ඕනේ අපට කප්පං දීගෙන වගේ යටහත් පහත්වයි. එහෙම නැතිවුණොත් කවදාහරි අපිට සිද්ධ වෙයි මුන්ට යටත් වෙන්ඩ. නේද මචං ඥානසාර?

එදා මචං ඥානසාර අර දඹුල්ලෙ කේස් එක වෙලාවෙදි අපේ තාත්තට මල පැනලා. එහෙට මෙහෙට ඇවිද ඇවිද කියවනවා. අනේ මන්දා මේ මිනිහාගේ තාත්තා හම්බයෙක් කොහේද කියලත් මට සැකයි. ඇයි මචං ඥානසාර මනුස්සයට මේ තරම් කැක්කුමක්?

දඹුල්ලෙන්නේ මේ උන්නාන්සේලා ඔය කෙරුවාව පටන් ගත්තෙ. හැබැයි දැන් වෙන කොට දඹුල්ලෙ උන්නාන්සේ නිශ්ශබ්දයි. දුවන කෝච්චියට බෙල්ල තිබ්බෙ විමලජෝති උන්නැහේ. එයා ඉතින් කොහොමත් තණ්හා කාරයනේ. එයා ඉඩකඩන් පවරා ගත්තු විදිහ ගැනත් පළාතෙ මිනිස්සු දන්නවනේ. ඒක හින්දා ප්‍රසිද්ධියටයි බලයටයි සල්ලි කෑදරකමටයි බොරුවට ජාතියයි ආගමයි ඉස්සරහට දාගෙන බුරන්නෙ නැතිව තම තමන්ගෙ ව්‍යාපාර කටයුතු කරගෙන හිටියාම ඉවරයිනෙ. අනික ඉතින් ඥානසාර උන්නැහේ ගැනත් දන්නෝ දනිති. ඔබ උඹලා වගේ පැගිරෝ නොදන්නවා වුණාට දන්න කියන මිනිස්සුන්ගෙන් අහලා බලාපන්. තමුන්ගෙ වැරදි කෝටියක් තියාගෙන මේගොල්ලෙ මේ රට ගිනි තියන්ඩ හදනවා. අම්මපා මුන්නැහෙලා දන්නවද මේ කරන දේවල් වල තියෙන බරපතලකම්.”

ඇත්තටම මචං ඥානසාර මට මේවා අහගෙන ඉන්නකොට කේන්ති යනවා තමයි ඒත් ඉතින් අපේ තාත්තා කියන සමහර දේවල් ඇත්ත කියලත් සමහර වෙලාවට හිතෙනවා. මොකද මචං ඥානසාර ඔය විමලජෝති උන්නැහේලා ගැන මේ පැත්තෙ මිනිස්සු අපේ තාත්තාට හුඟක් දේවල් පහුකාලෙදි කියලා තියෙනවා. ඒත් මිනිස්සුන්ගෙ තියෙන නූගත්කම හින්දා ඒවා වැළලිලා තියෙනවා කියලයි අපේ තාත්තා නම් කියන්නෙ.

රටක් වර්ගවාදී ගිනිදැල් අවුලවනවා කියන්නෙ මොනතරම් අපරාධයක් ද කියලා මේ උන්නැහේලාට තේරෙන්නෙ නැත්තෙ උන්නැහේලාගේ තියෙන තණ්හාධිකම හින්දම මිසක් වෙන මොකක්ද? මෙතනදී ඒගොල්ලෝ හොයන්නෙ මොකක් හරි බලයක් අත්පත් කර ගන්න විදිහක් ගැනයි. අනික තමයි ප්‍රභාකරන් නැති ලංකාවේ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ මචං සාදුලාටයි ඒ ගොල්ලන්ගෙ දායක දායිකාවන්ටයි කියලයි ඒගොල්ලො හිතන්නෙ. උඹලට මේවා තේරෙන්න තව ආත්ම ගණනක් යයි. මේ මොන බුද්ධ ධර්මයක්ද බන් ශුද්ධ යුද්ධය කියලා දෙයක් තියෙන්නෙ මුස්ලිම් ආගමේ මිසක් බුද්ධ ධර්මයේ නෙමෙයි. කොහෙද බන් බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙ අනිත් ආගම්වල මිනිසුන්ට ගහන්ඩ බනින්ඩ තර්ජනය කරන්ඩ කියලා. ඒ වගේ එකක් තියෙනවා නම් ඒක ගෞතම බුදුන්ගෙ ධර්මයක් නෙමෙයි. ඔය ඥානසාරලාගේ විමලජෝතිලාගේ ධර්මයක්.”

තාත්තා එහෙම කිව්වට මචං ඥානසාර අර නෝලිමිට් වගේ තැන්වලින් ඇඳුම් ගන්ඩ එපා කියලා සිංහල බෞද්ධ ජනතාවගෙන් අපි කරන ඉල්ලීම එහෙම සුළුවට තකන්ඩ පුළුවන්ද? ඒක අපි අපේ රට ජාතිය වෙනුවෙන් කරන ඉල්ලීමක්. දැනටමත් අපේ සිංහල මිනිසුන්ගේ ඉඩම් ගෙවල් වලින් සෑහෙන ප්‍රමාණයක් මුස්ලිම් එවුන් අරන් ඉවරයි. අපි තවත් නෝලිමිට් වගේ තැන්වලට ගිහින් ඇඳුම් ගත්තොත් උන්ට තවත් සල්ලි ලැබිලා අපේ ඉතුරු ඉඩම් ටිකත් උන්ම ගනී. එතකොට අපිට මොකද වෙන්නෙ? ඕන මඟුලක් වෙච්චදෙන් කියලා මම මේ කාරණේ අපේ තාත්තාට එල්ල කලා. උන්දෑගෙ ඇස් ලොකු වුණා. මම හිතුවා මිනිහා හිරවුණාවත් ද කියලා. එහෙම හිතල හිත මෙහාට ගන්ඩ හම්බවුණේ නෑ. ඇන්තූරියම් පඳුරෙ දිරච්ච පොල් ලෙලි වලට බුලත් කෙළ පාරක් විදලා ඔන්න දීපු උත්තරේ.

“අර එක ගොනෙක් පහුගිය කාලෙ කිව්වනෙ ඇමරිකාවේ දෙවල් සේරම වර්ජනය කරන්න කියලා. ඒත් මේ රටේ ඉන්න බල්ලෙක් පූසෙක්වත් ඒ ඉල්ලීම ගැන ඩිංගක්වත් තැකුවෙ නෑනෙ. ඉතින් ඒ වෙනුවට ඇමරිකාවෙන් උඹලට හොයලා දුන්නු විස්තරේ තමයි මේකෙ ඉන්න එවුන් ඇමෙරිකාවේ ඉන් එවුන්ටත් වැඩිය කාමය ගැන උනන්දුයි කියලා. හොඳයි නේද රිටර්න් එක. ඒ වගේ ඔය එක එක දේවල් වර්ජනය කරන්න කියලා කියපු කතා ඉස්සර වලංගු වුණාට ඒවා දැන් වලංගු නෑ බන්. ඉස්සර ඉන්දියාවේ කිව්වා බී ඉන්දියන් බයි ඉන්දියන් කියලා. ඒක බලාගෙන මෙහේ කට්ටිය හැදුවා. සියරට දේ සිරි සැපදේ කියලා ගහගෙන වික්කෙ රටකජු. ඒ වගේ ඔය කියන කතා ඔක්කොම තනිකරම බාල වර්ගවාදේ මිසක් වෙන මොකවත් නෙමෙයි.”

වුණාට මචං ඥානසාර ඔය කරගෙන යන වැඩේ නවත්වන්න එපා. ඕක ඵෙතිහාසික වැඩක් වෙන විදිහටම කරලා කෙළවර කරනවා මිසක්. ඒ හින්දා ඔය අපේ තාත්තා කියන කතා මචං ඥානසාර සත පහකටවත් ගනන් ගන්න එපා. අපි කොහොමහරි මේ වැඩේ දිගටම කරගෙන ගිහිල්ලා අපේ රට තනිකරම සිංහල බෞද්ධ මිනිස්සු විතරක්ම ඉන්න රටක් බවට පත්කර ගමු. ඒ සියලු දේ කරන්නට මචං ඥානසාරට සියලු සිංහල බෞද්ධ දේශහිතෛෂීන්ගේම පිහිටයි. මම නවතිමි.

මීට පැපරාසියාගේ පුතා

පැපරාසියා සඟරාව, 2013 ජනවාරි – පෙබරවාරි කලාපය, පිටු අංක 17

කලු ජූලියට අවුරුදු තිහයි...



සිය සන්නද්ධ අරගලය උත්සන්න කරමින් කොටි සංවිධානය විසින් ඊට දිනකට පෙර සේවයට වාර්තා කළ සොල්දාදුවන් දහ තුන් දෙනකු මරා දමනු ලැබුවේ හරියටම වසර තිහකට පෙර ජූලි විසි තුන් වැනිදාවක. ඊළඟ දින කිහිපය තුළ සිංහල මැර කණ්ඩායම් එයට පළි ගත්තේ රට පුරාම වෙසෙන දෙමළ ජාතිකයන් හාර සියයත්, තුන් දහසත් අතර ඝාතනය කරමින්. වසර විසි හයක් පුරා පැතිර ගිය සිවිල් යුද්ධයට පාදක වූ සහ ලක්ෂ සංඛ්‍යාත දෙමළ ජනකායකට රට හැර යාමට බල කෙරුණු කලු ජූලියෙන් තිස් වසරක් සැමරෙන දින කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් කරන විමසුමක් මේ.

කොළඹ අගනුවර ඔරලෝසු කණුවක හවස තුනේ කණිසම වැදෙද්දී, වයෝවෘද්ධ කාන්තාවක් තිස් වසරකට එපිට අතීතය මෙනෙහි කරමින් සිටියාය.

"යකඩ පොලු වගේ දේවල් ගත්තු අසූවක විතර තරුණ කල්ලියක් තමයි ඉස්සෙල්ලම ආවේ. උන් ආවේ උමතුවෙන් වගේ, පැහැදිලිවම හොඳටම බීල - උන් ඇවිල්ල සේරම කඩා බිඳලා දැම්මට පස්සේ ඒව කොල්ල කන්න අනිත් කල්ලිය ආව," යනුවෙන් ඇය සිය මතකය අවදි කළාය.

අගනුවර මෙන්ම ලංකාව පුරා බොහෝ නගර පුරාම උමතුවෙන් මෙන් දෙමළ ජනතාවට ප්‍රහාර එල්ල වූ ආකාරය ප්‍රියා බාලචන්ද්‍රන් (සිය අනන්‍යතාවය හෙළි නොකරන මෙන් ඇය ඉල්ලා සිටි බැවින් මෙය සැබෑ නම නොවේ) සිහිපත් කරන්නීය. ප්‍රහාරයට ලක් වූ බොහෝ දෙනා ට උතුරේ සිදුවෙමින් පැවතියේ කුමක් ද යන්න පිළිබඳව හාංකවිසියක හෝ අවබෝධයක් නොවීය.

සිය මව, පුතා සහ සිංහල ජාතික අසල්වැසියකු සමඟ දිවා ආහාරය ගනිමින් සිටියදී නිවස පිහිටි මාර්ගයේ කඩ සාප්පු ගිනි ගන්නා ආකාරය ප්‍රියා බාලචන්ද්‍රන්ට දැක ගන්නට ලැබිණ. මැර කණ්ඩායම් සිය නිවස දෙසට ද එමින් සිටින බව ඇය අවබෝධ කර ගත්තාය. තත්වය සන්සුන් වන තුරු වහාම මීටර 300ක් ඈතින් පිහිටි සිය නිවසට යමුයි සිංහල අසල්වැසියා යෝජනා කළේය. ඔවුහු ප්‍රියාගේ නිවසින් පළා ගියහ.

"එදා අපි ගෙදරින් පැනල ගියේ අන්තිම වතාවට කියල අපිට නිකමට වත් හිතුනේ නෑ," ඇය මතකය අවදි කළේ හැඬුම්බර හඬකින්.

ඒ මාර්ගයේ වෙසෙන සිංහල වැසියන් සහ දෙමළ වැසියන් කවුරුන්ද යන්න සඳහන් ලේඛන අතැතිව පැමිණ සිටි කලහකාරී කල්ලි සිය නිවස කොල්ල කෑ ආකාරය අසල්වැසි නිවසේ සිට ඇය අසා සිටියාය.

"අපිට හරියට ඇහුනේ අපේ අල්ලපු කාමරේ කඩල දානවා වගෙයි. පැයකට, දෙකකට විතර පස්සේ අපේ ගෙදරින් ලොකු දුමාරයක් මතු වුනා.

"මටයි, මගේ දරුවටයි, මුළු පවුලටම ඒක බලා ගෙන ඉන්න බැරි වුනා. හවස් වෙනකම්, ඊට පස්සේ මුළු රෑම අපි දෙවියන්ට අපේ දුක කියමින් හිටිය. අන්තිමට උන් ආයෙත් රෑ වෙලා ඇවිල්ල ඉතිරි වෙලා තිබුණු අන්තිම ටිකටත් ගිනි තියල ගියා."

ඇයට එදා අහිමි වුනේ මොනවාද?

"සේරම දේවල්. කිසිම දෙයක් ඉතිරි වුනේ නෑ. එතන ගෙදරක් ඉතිරි වෙලා තිබුනේ නෑ. එතන තිබුනේ කලුම කලු අළු ගොඩක් විතරයි. එච්චරයි මට මතක," යන්න ඒ ප්‍රශ්නයට ඇගේ ප්‍රතිචාරයයි.

'දිවි බේරුනේ සිංහලයන් නිසා'වෙනත් බොහෝ දෙමළ ජාතිකයන් ගේ මෙන්ම තමාගේත්, සිය පවුලේ සාමාජිකයන්ගේත් දිවි බේරා ගත්තේ සිංහල ජාතික අසල්වැසියන් බව ප්‍රියා බාලචන්ද්‍රන් පවසන්නීය

එහෙත් තවත් සිංහල ජාතිකයෝ දෙමළ ජාතිකයන්ට විවිධ දේ පෙන්වමින්, එහි සිංහල නම කියන මෙන් ඔවුන්ට බල කරමින් දෙමළ ජනතාව මරා දමමින් සහ ඔවුන්ගේ දේපොළ කොල්ලකමින් සිටියහ. එදා මැර කණ්ඩායම් තමන් ගමන් කළ බස් රථය නැවැත්වූ ආකාරය සිංහල ජාතික චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවරට තවමත් මතකයි.

"බස් එකේ පිටි පස්සෙන් සද්දයක් ආව මට ඇහුන. මැර කල්ලි කෙනෙක්ව බස් එකෙන් බස්ස ගත්ත," ඔහු පැවසීය.

"එයා දෙමළ කියල උන් අඳුන ගත්ත. ඊට පස්සේ බස් එක ඉස්සරහට ගියා. ඒ මනුස්සයට මොනව වුනා ද කියල මම දන්නේ නෑ."

ඉන් අනතුරුව අගනුවර පුරා ඇවිද ගිය චන්ද්‍රගුප්ත තේනුවර දුටුවේ, මුළු නුවරම ගිනි ගෙන දැවෙන සැටියක්.

මෝටර් රථ තුලම ජනතාව පුළුස්සා මරා දැමෙද්දී සහ බොහෝ දෙනා නිරුවත් කෙරෙද්දී, අගනුවර සහ අනෙක් ප්‍රධාන නගරවල සොල්දාදුවෝ බලා සිටියා මතු නොව ඇතැම් කලහකාරීන්ට ගිනි තැබීම පිණිස පෙට්‍රල් පවා සම්පාදනය කළහ.

ආණ්ඩුවේ අනුබලයමේ සියල්ලට ආණ්ඩුවේ අනුබලය ලැබුනා පමණක් නොව, මැර කණ්ඩායම් ඇතැම් දැඩි මතධාරී ඇමතිවරුන්ගේ අවශ්‍යතාවයට අනුව ක්‍රියාත්මක වූ බවයි, මානව හිමිකම් සංවිධාන පවසන්නේ.

දින හතරකට පසුව, ජූලි 27 වැනිදා ජනාධිපති ජේආර් ජයවර්ධන පළමු වරට ජාතිය ඇමතුවේ දෙමළ ජනතාව මුහුණ පෑ ඉරණම පිළිබඳව කණගාටුව හෝ පළ නොකරමින් පමණක් නොව සිංහල ජනතාවගේ ගැටළු පිළිබඳව පමණක් අවධාරණය කරමින්.

ඉන් අනතුරුව ද ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙමින් තිබුණි. ජූලි 31 වැනි දා ප්‍රචණ්ඩ ක්‍රියා හමාර වන විට, දස දහස් සංඛ්‍යාත දෙමළ ජනතාව උතුරු සහ නැගෙනහිර පළාත්වලට හෝ විදේශවලට හෝ පලා ගොස් සිටියහ.

සිය අරගලයට තරුණයන් බඳවා ගැනීම පිණිස කලු ජූලිය දෙමළ සන්නද්ධ කණ්ඩායම් වලට සරු බිමක් වූවා පමණක් නොව, ලක්ෂයකට ආසන්න පිරිසකට මරු කැඳවමින් දශක ගණනාවක් දිග ඇදුනු යුද්ධයට ශ්‍රී ලංකාව තල්ලු කරනු ලැබුවේ ද එහි ප්‍රතිඵලයක් ලෙසින්.

විශේෂයෙන්ම ලක්ෂ සංඛ්‍යාත දෙමළ වැසියන් විදේශවලට පලා යාම නිසා එම පළාත්වල ජන සංයුතිය සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුණු බවයි, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සීවී විග්නේශ්වරන් පවසන්නේ.

"ඒකත් එක්කම විශාල බුද්ධි ගලනයක් ඇති වුනා. නීතිවේදීන්, දොස්තරවරුන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවෝ මේ සේරම ලංකාව අත් ඇරලා ගියා. රට දාල යනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ කියලයි ඔවුන් හිතුවේ," යනුවෙන් ද දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තරඟ කරන හිටපු විනිසුරුවරයා කියා සිටියේය.

"තමන්ට රට දාල යන්න සිද්ද වුනේ 1983 නේ ඝාතන සහ විනාශය හේතුවෙන් නිසා විදේශගත දෙමළ ජනතාවට තවමත් ඒව අමතක කරන්න බැහැ."

අනෙක් අතට දිවයිනේ විශාල දෙමළ ජනගහනයක් වාසය කළ ප්‍රදේශ පවා අත් හැර දමා යාමට දෙමළ ජනතාවට සිදුවීම වෙනම දෙමළ රාජ්‍යයක් පිලිබඳ අදහස තවත් ශක්තිමත් කිරීමට තුඩු දුන් සාධකයක්.

1983 පටන් මේ දක්වා, අගනුවර හැරුණු විට දකුණේ අනෙක් බොහෝ ප්‍රදේශවල දෙමළ ජනතාව සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කිරීමට අවස්ථාව නොලැබුණු බවයි, විශ්‍රාමික විනිසුරුවරයා පවසන්නේ.

යුද්ධය හමාරයේ ශ්‍රී ලංකාවේ තවදුරටත් "සුළු ජාතියක් නැති" බව නිවේදනය කළ ආණ්ඩුව, එවක් පටන් සියලු ශ්‍රී ලංකාවාසීන් සමානයන් බව පැවසීය.

එහෙත් දැන් යලිත් වරක් සිංහල ජාතිකවාදී හැඟීම් සහ ජාතිකත්වය හුවා දක්වන දේශනයන් ද උත්සන්න වෙමින් තිබේ. දෙමළ ජාතිකයන් මතු නොව මුස්ලිම් සුළු ජාතිය ද එයින් අවිනිශ්චිත තත්වයකට මුහුණ දී සිටිති. බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු සිංහල බෞද්ධ ජාතිකවාදීහු මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර එල්ල කරමින් සිටිති.

සමාව ඉල්ලීමදෙමළ කොටි සංවිධානය මර්දනය කොට, දෙමළ සිවිල් වැසියන් විශාල පිරිසක් මරුමුවට පත්වී යුද්ධය හමාර වීමෙන් අනතුරුව දෙමළ ජනතාවට බලය බෙදා හැරීමේ විධිවිධාන ද අඩු කරන මෙන් දැඩි මතධාරී ඇමතිවරු උද්ඝෝෂණයක නිරත වී සිටිති.

කලු ජූලිය නාසිවාදයට සමාන කළ එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, 2004 දී දෙමළ වැසියන් ගෙන් සමාව ඉල්ලා සිටියාය.

කලු ජූලියේදී දෙමළ වැසියන් 1000 ක් මරුමුවට පත්ව 700,000 ක් රටින් පලා ගිය බවයි, ඇය විසින් පත් කරනු ලැබුන කොමිසමක නිගමනය වූයේ. වාර්තා නොවූ තවත් බොහෝ සිදුවීම් තිබිය හැකි බව ද ජනාධිපතිවරිය පිළිගත්තාය.

වාර්ෂිකව කලු ජූලිය සමරන චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර අදින් ඇරඹෙන 'සැමරිය නොහැකි සැමරුම' ප්‍රදර්ශනය සඳහා සැරසෙමින් සිටියි. රටේ අධිකරණ ක්‍රියාදාමය ඔහුගේ ප්‍රදර්ශනයේ තවත් මාතෘකාවක්.

ජනාධිපතිනි කුමාරතුංග සමාව ඉල්ලා සිටියත්, කලු ජූලියේ ඝාතන සම්බන්ධයෙන් කිසිවෙකුත් දඬුවම් ලබා නැති බව ඔහු පෙන්වා දෙයි.

"ඒ වගේ ආකල්පයක් මේ වගේ බරපතල ප්‍රශ්න විසඳන්න කොහෙත්තම ගැලපෙන්නේ නෑ," ඔහු පවසයි.

"එහෙම සංහිඳියාවක් ඇතිවෙන්න බෑ. අපි ඒ ගැන කථා කරන්න ඕනේ. අපි ඒ තුවාලේ ඇරලා, ඒක සුද්ද කරලයි ඒක සුව කරන්න ඕන."

මේ අතර සිය නිවස ගිනි බත් වනු දුටු ප්‍රියා බාලචන්ද්‍රන් මට ඇගේ පවුලේ ඡායාරූප ඇල්බමය පෙන්වයි. කොල්ලකරුවකු ලෙසින් පෙනී සිටි අසල්වැසියෙක් ඒ ඡායාරූප බේරා ගෙන තිබේ.

සිංහල ජාතිකයෝ ද අදත් ඇගේ සමීප මිතුරන් අතර සිටිති. ජාතීන් අතර සම්බන්ධතා ගැන ඇගේ මතය කවරක් දැයි මම ඇය විමසීමි.

"එහෙම දෙයක් ආයෙත් නොවේවි කියල මම බලාපොරොත්තු වෙනවා," ඇය පවසන්නීය. "මොකද මම හිතන්නේ දෙපැත්තම හොඳට පාඩම් ඉගෙන ගෙන තියෙන්නේ."

"අවුරුදු තිහක යුද්දේ දෙපැත්තටම එක හා සමානව පාඩමක් ඉගැන්නුවා කියල මට හිතෙනවා. දෙගොල්ලොම ඇති වෙන්න දුක් වින්ද," ඇය අපේ සංවාදය නිමා කළේ එලෙසින්

-BBC